ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා මුදල් චෝදනාවක් මත කදාන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප පිට නිදහස් කරනු ලැබීය.

ඒ රුපියල් ලක්‍ෂ දහයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මතය.

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ගත් මුදලක් මාසයක කාලයකින් යළි ලබා දෙන පදනම මත එක්තරා පුද්ගලයෙකුගෙන් මොහු මෙම මුදල් ලබා ගෙන ඇතැයි කියති. පසුව එම මුදල පොරොන්දු වූ ලෙස යළි නොගැවීම නිසා වින්දිත පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් කදාන පොලිසියට පැමිණිලි කර තිබේ.

මීට පෙරද පැමිණිලිකරු සිද්ධිය සම්බන්ධයෙන් කදාන පොලිසියට පැමිණිලි කර තිබූ අතර ගත් මුදල යළි ගෙවන ලෙස පොලිසිය සන්නස්ගල මහතාට දැනුම් දී ඇතත් ඔහු එම මුදල් ගෙවීම පැහැර හැරීම නිසා මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියති.

සැකකරු අධිකරණයට ඊයේ ඉදිරිපත් කර ඇප මත මුදා හැර ඇත. කදානම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *