කොතලාවල වෛද්‍ය පීඨය හරහා මුදලට වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ කැබිනට් තීරණය හේතුවෙන් බරපතළ ගැටලු ගණනාවක් උද්ගතව ඇයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුව තිබුණත් ඒ තීරණ හරහා මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය අභියෝගයට ලක් කර ඇතැයි ද එම සංගමය චෝදනා කරයි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව කොතලාවල වෛද්‍ය පීඨයට මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධිය ලබා ගැනීමට ප්‍රථම වරට දේශීය සිසුන්ට අවස්ථාව ලබාදීමේ තීරණය පිළිබඳ බරපතළ ගැටලු ගණනාවක් නිර්මාණය වී ඇතැයි ද එම සංගමය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *