මිරිස්ස සමුද්‍රිය කලාපය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත නිල්දජ වෙරළ කලාපයක් හා සමුද්‍රිය වනජීවී අභයභූමියක් බවට පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

මිරිස්ස සමුද්‍රිය කලාපය වනජීවී අමේ භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව 2023-05-22 වැනි දින පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගනු ලැබ ඇත.

එහිදී එම යෝජනාව පිළිබඳ අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් වැඩිදුරටත් කරුණු අධ්‍යයනය කරන ඇමති මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය අනුකමිටුවක් පත් කරනු ලැබ ඇත.

ඒ අනුව එම අනුකමිටුව විසින් මිරිස්ස කලාපය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත නිල්දජ සමුද්‍රිය වෙරළ කලාපයක් හා වනජීවී අබය භූමියක් බවට පරිවර්තනය කරමින් දකුණු පළාත් සංචාරක ආර්ථිකය පස් ගුණයකින් වර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් සිය නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *