ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ක්ෂේත්‍ර හතරකට ආණ්ඩුව මගින් දිරි දීමනා ලෙස ලබාදී තිබෙන රුපියල් පහළොස් දාහක දීමනාව මෙන් රුපියල් 7500 දීමනාවක් ඉල්ලා සංවර්ධන නිලධාරී සේවා සංගමය ආරම්භ කර තියෙන වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට එම සංගමය තීරණය කර ඇත.

ක්ෂේත්‍ර හතරකට ලබා දී තිබෙන දිරිදීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සමග සාකච්ඡා කළ බවත් එහිදී තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු නොවීම නිසා දැනට ගෙන තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියාරච්චි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *