අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම අනිද්දා සිදු කරන බව විභාග කොමසාරිස් ජනරල් අමිත් ජයසුන්දර මහතා ඊයේ පැවසීය. විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත් වර්ෂාපතනය සමග හදිසි ආපදා තත්ත්වයන් ඇති වුවහොත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමටද සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය.

වර්ෂාව නිසා කිසියම් සිසුවෙකුට විභාගය පවත්වන මධ්‍යස්ථානය වෙත ළඟාවීමට අපහසුතාවයක් ඇතිවුවහොත් 117 ක්ෂණික දුරකථන අංකය අමතා ඒ බව දැනුම් දිය හැකි බවද ඒ මහතා කීය.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර අපේක්ෂකයන් 459,979ක් පෙනී සිටින අතර විභාග මධ්‍යස්ථාන 3527කදී විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඊයේ මධ්‍යම රාත්‍රී දොළහෙන් පසුව තහනම් කළ බවත් කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් ඒ ඊට එරෙහිව කටයුතු කළහොත් දැඩි දඬුවම් ලබාදෙන බවත් ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *