ජාත්‍යන්තර රග්බි පාපන්දු කෙළි බිමට බොහෝ කලකට පසු අවතීර්ණ වෙමින් අපේක්‍ෂිත ඉලක්ක සපුරා ගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නවතම ශ්‍රේණිගත කිරීම් වල අනුව පියවර තුනක් ඉහළට පැමිණීමට සමත් වී තිබේ.

පසුගියදා නිමාවූ ආසියානු රග්බී තරගාවලිය ආරම්භයට පෙර 44 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව නවතම ශ්‍රේණිගත කිරීමට අනුව 41 වන ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය. ඒ ප්‍රසාද ලකුණු හතළිස් හතයි දශම තුනයි නමයක් සටහන් කර ගනිමිනි.

කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරග තරග පිටිය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කෙරුණු එම සිව්කොන් රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම සඳහා ගිය ගමනේදී ඉන්දියාව සහ කසකස්ථානය පරාජය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පියවර ත්‍රිත්වයක් ඉහළට යාමට හැකියාව ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *