විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

තරගය කාසියේ වාසි දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු එකසිය හැට නමයක් ලබා ගත්තේය.

චමරී යතපත්තු ලකුණු එකසිය දෙකක් ලබාගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු හතක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 101ක් පමණයි.

උදේශිකා ප්‍රබෝධි ලකුණු 13කට කඩුලු තුනක් ලබා ගත්තාය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 68 කින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *