අඩු ආදායම්ලාභී පවුල් සදහා නොමිලේ සහල් බෙදීමේ ව්‍යාපෘතියේ මාස දෙකට අනුව ඇස්තමේන්තුගත වියදම රුපියල් කෝටි 1,100 ක් බව වාර්තාවේ. ඒ අනුව මේ මාස තුළ පමණක් රුපියල් කෝටි 633ක් මහා භාණ්ඩාගාරයේ මුදල් වැය කොට ඇති බව අනාවරණය විය.

මෙම සහල් බෙදීම ව්‍යාපෘතිය මාස දෙකක් පමණක් ක්‍රියාත්මක වන අතර විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ සහල් බෙදීමේ වැඩසටහන සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක කර ඇති අතර පවුල් ලක්ෂ 34ක් සඳහා සහල් බෙදීම වෙනුවෙන් ඒ අනුව මසකට රුපියල් කෝටි 633ක් වැය කොට ඇත.

ඒ අනුව තැම්බූ නාඩු කිලෝ දහයක බෑගයක් රුපියල් 1900ක්ද, සුදු නාඩු කිලෝ දහයේ බෑගයක් රුපියල් 1860ක්ද යන මිල ගණන්වලට ලබාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *