ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන්ග් මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට සහතික වී ඇත.

ආර්ථික දුෂ්කරතා මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන ශක්තිය ගැන සතුටු වන බවද චීන තානාපතිවරයා සඳහන් කර තිබේ.

චීන තානාපතිවරයා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

2024 මාර්තු මාසයේ අගමැතිවරයාගේ චීන සංචාරය අතරතුරදී දෙරට අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *