ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් සූදානමින් සිටිති. මේ පිළිබඳව විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් පසුගියදා විශේෂ අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වා ඇති බව දැනගන්නට ඇත.

තම ජීවිතය නැති කිරීමට යමෙකු සිය ආහාර වලට වස මුසු කර ඇති බව හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පසුගියදා ප්‍රකාශ කර තිබූ අතර මේ පිළිබඳව ආණ්ඩුවේම වර්තමාන ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් තමන්ටද ජීවිත අවධානමක් එල්ල විය හැකි බවට බියෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා විය.

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ ඔහුට එල්ල වී ඇති ජීවිත අවදානම් පිළිබඳව පසුගියදා කළ ප්‍රකාශය ඉතා බරපතළ බවද ඒ පිළිබඳ වහාම ආණ්ඩුව පරීක්‍ෂණයක් කළ යුතු බවටද බවටද අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් කරුණු ප්‍රකාශ කළහ.

ආණ්ඩුවේ දූෂණ අක්‍රමිකතා හෙළි කිරීම මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛ වගකීමක් ඇති බවද එසේ හෙළි කරන මන්ත්‍රීවරුන්ට ජීවිත අවධානමක් එල්ල වන්නේ නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන මරු පහරක් බවද මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් නිදහස ජනතා සභාවේ ප්‍රධානී ඩලස් අලහප්පෙරුම සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *