ලංකා පෙට්‍රල් (92) රුපියල් තුනකින්ද ලංකා ඩීසල් රුපියල් තිහකින්ද ඊයේ මධ්‍යම රාත්‍රී සිට අඩු කර ඇත.

මීට අමතරව ලංකා භූමිතෙල් රුපියල් තිහකින් ද අඩු කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි

තවද ලංකා පෙට්‍රල් ඔක්ටේන් අනූපහ රුපියල් 20කින්ද ලංකා සුපිරි ඩීසල් රුපියල් නමයකින්ද අඩු කර ඇත.

මේ අනුව රුපියල් 371ක් ලෙස පැවති පෙට්‍රල් ඔක්ටේන් අනූ දෙක ලීටරයක නව මිල වන්නේ රුපියල් 368කි

රුපියල් 363ක් ලෙස පැවති ලංකා සුදු ඩීසල් ලීටර් එකක මිල රුපියල් 333 ක් දක්වාද රුපියල් 245ක් ලෙස පැවති ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 215ක් දක්වා අඩුවනු ඇත.

එසේම රුපියල් 440ක් ලෙස පැවති ලංකා පෙට්‍රල් ඔක්ටේන් අනූපහ රුපියල් 420 ක් දක්වා අඩු වනු ඇති අතර රුපියල් 368 ක් ලෙස පැවැති ලංකා සුපිරි ඩීසල් රුපියල් තුන්සිය හැත්තෑ හතක් දක්වා අඩු වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *