පක්ෂ දේශපාලනය පසෙක තබා ජාතික ආණ්ඩුවක් බිහිකළ හැකි නම් රටේ යහපතට එය හේතු වනු ඇතැයි සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් පැවසීය.

එහෙත් නිල නොවන මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක එවැනි අරමුණක් වෙනුවෙන් දේශපාලන පක්ෂ එකඟ වුණු ඇතිදැයි යනුවෙන් ප්‍රශ්නයක් පැන නගින බව කබීර් හසීම් අවධාරණය කළේය.

ජාතික අභිලාෂ වෙනුවෙන් ඒකාබද්ධ වෙන ලෙස ජනාධිපතිවරයා මැයි දිනය කළ ආරාධනය ගැන කළ විමසුමට පිළිතුරු වශයෙන් සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපතිවරයා මේ බව කීය.

ජනාධිපතිවරයාගේ ආරාධනය ගැන සමගි ජන බලවේගයේ නිල මතය ප්‍රකාශ කළ යුත්තේ පක්ෂ නායක කාරකාදීන්ගේ අභ්‍යන්තර සාකච්ඡාවකින් පසුව යැයි ද කබීර් හශීම් කීය.

කෙසේ වුවද රට ඇත්තේ දරුණු අර්බුද සමයක යයිද රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් තවත් අවුරුදු පහක් වුවද ඉවසා සිටීමට තමන්ට හැකි යැයි ද හෂීම් මන්ත්‍රීවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *