ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මගින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන අතර පිරිවෙන් හා සිල් මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලා සීල මාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අපොස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය විෂයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍යාවන් සඳහාද 2024 මැයි මස සිට ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට නියමිතය.

මෙම ශිෂ්‍යත්ව ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් හා අනෙකුත් සියලුම විස්තර ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවෙහි සහ නිල වෙබ් අඩවිය පළ කිරීමට නියමිත අතර අදාල අයදුම් පත්‍ර හා උපදෙස් පත්‍රිකාව 2024,05,10 දින රජය ගැසට් පත්‍රයේ පළ කිරීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *