බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ පස්වරු දෙකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇතිවන අනතුරුව අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *