මේ මාසයේදී විදුලි බිල වෙනසක් දැනෙන ආකාරයෙන් අඩු කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

උමා ඔය ව්‍යාපෘතියෙන් ලැබෙන මෙගාවොට් 14ක ලාභයෙන් සහන දිය හැකි බවද ඔහු සඳහන් කළේය.

රටට ලැබෙන වාසි වැළැක්වීමට ජනතා විමුක්ති පෙරමුණා ඇතුළු කණ්ඩායම් වැරදි මත පතුරුවමින් සිටින බවත් උමා ඔය විවෘත කිරීමෙන් නායා ඇතිවන බව පැවසීමද ඉන් එකක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

උමා ඔය නිසා නාය යන බවට මෙතෙක් තහවුරු වී නැතැයි ද අනුරුද්ධ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *