කැසිනො ගැසීම සඳහා එන්නාක් මෙන් කොටස් වෙළඳපොළට නොපිවිසෙන යැයි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ආයෝජක ප්‍රජාවට දැනුම් දෙයි.
කොටස් වෙළඳපොල යනු ආයෝජන මාර්ගයක් බවත් එහි සමාගම් කොටස් විකිණීම හා මිලදී ගැනීම කළ හැකි බවත් එම කොමිෂන් සභාව පවසයි.
මේ වන විට කොටස් වෙළඳපොළ සැලකිය යුතු ලෙස ඉහල නගිමින් පවතින බවත් එවැනි අවස්ථාවල ඇතැම් ආයෝජකයන් කොටස් වෙළඳපොළ කැසිනෝ එකක් ලෙස භාවිතා කිරීමට පෙළපබෙන බවත් සුරැකුම්පත් හා විනිමය කොමිසම පවසයි.
මේ අනුව ක්‍රියාවෙන් පමණක් නොව වචනයෙන්ද ඇතැම් ආයෝජකයන් පවසන්නේ “අද ගහන්නේ මේ ශෙයාර් එක” යනුවෙන් බවද එම කොමිසම තවදුරටත් පවසයි.