ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා පැවති තරඟයෙන් ලක්න්වු සුපර් ජයන්ස් කණ්ඩායම පරදා ලකුණු 98ක ජයක් වාර්තා කළ කොල්කටා නයිට්‍රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්වූයේය.

ඔවුන් මේ වන විට තරඟ එකොළහකට මුහුණ දී ඉන් තරග අටක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 16ක් ලබා පෙරමුණට පත් වී තිබෙන අතර රාජස්ථාන රෝල්ස් කණ්ඩායමද ප්‍රසාද ලකුණු දාසයක් ලබා සිටියි.

එහෙත් ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව කොල් කටා නයිට්‍රයිඩර්ස් කණ්ඩායම දැන් ඉදිරියෙන් පසුවේ. පෙරේදා පැවති තරඟයේදී සුනිල් නරේන් පිත්තෙන් හා පන්දුවෙන් යළි සුවිශේෂී දක්ෂතා දැක්වූයේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *