ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ජුනි මස පළමු සතියෙන් පසු තීරණය කෙරෙනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේද නැතහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙනවාද යන්න පිළිබඳ තීරණය කෙරෙනු ඇත.

මැතිවරණය ඉලක්ක කරගෙන ආසන මට්ටමින් සමුළු පැවැත්වීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

ආසන මට්ටමේ සමුළුවලදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා විමසීමක් සිදුකෙරෙන අතර එම අදහස හා යෝජනාද සැලකිල්ලට ගෙන ජනාධිපති අපේක්ෂක සම්බන්ධයෙන් තීරණයක් ගැනෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *