LOCAL

LOCAL TRENDING

  • ජනපති උපදෙසින් තවත් ශිෂ්‍යත්ව

    ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මගින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන අතර පිරිවෙන් හා සිල් මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලා සීල මාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අපොස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය විෂයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍යාවන් සඳහාද 2024 මැයි මස සිට…

  • ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසි

    සමග ජන බල පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට පත් වූ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බවට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මණ්ඩලය අද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේය. ද්විත්ව පුරවැසි භාවය සහිත අයකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බවට චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගයක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කළහ.

  • t20 කාන්තා ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

    විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. තරගය කාසියේ වාසි දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු එකසිය හැට නමයක් ලබා ගත්තේය. චමරී…

  • අපේ අධ්‍යාපනය ඩිජිටල් කරන්න චීනයෙන් ආධාර

    ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලන්කිරීම සඳහා චීන රජය ආධාර ලබාදීමට එකඟතාවය පළකර ඇත. ඊට අදාළව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව පාසල් සඳහා සම්ප්‍රේෂණ සුහුරු පුවරු සහිත පන්ති කාමර ප්‍රතිග්‍රාහක සුහුරුපුවරු සහිත පන්තිකාමක සහ එම කටයුතු මෙහෙයවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ජාල මෙහෙයුම්…

  • ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පියවර තුනක් ඉදිරියට

    ජාත්‍යන්තර රග්බි පාපන්දු කෙළි බිමට බොහෝ කලකට පසු අවතීර්ණ වෙමින් අපේක්‍ෂිත ඉලක්ක සපුරා ගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නවතම ශ්‍රේණිගත කිරීම් වල අනුව පියවර තුනක් ඉහළට පැමිණීමට සමත් වී තිබේ. පසුගියදා නිමාවූ ආසියානු රග්බී තරගාවලිය ආරම්භයට පෙර 44 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව නවතම ශ්‍රේණිගත කිරීමට අනුව 41 වන ස්ථානය තහවුරු කර ගැනීමට සමත්…

  • විජේදාසගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් තමන් වෙත කොළඹ දිසා අධිකරණය විසින් නිකුත්දා නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විජයදාස රාජපක්ෂ මහතා විසින් අබියාචනාධිකරණය වෙත ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට අද නියෝග කළේය. විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ…