සතුන් පවා සිදු නොකරන අන්දමේ අපරාධ මිනිස් ස්වරූපයෙන් සිටින වෙනත් ජීවීන් පිරිසක් පලස්තීනයේ ගාසා තීරයේ සිදු කරන බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි පැවසීය.

මෙම පීඩකයන් එළවා දමා ඔවුන් පලස්තීනයට සිදුකළ සියළුම හානිවලට වන්දි අය කරගත යුතු බව පැවසූ ඉරාන ජනාධිපතිවරයා එම පීඩකයන් සහ කොල්ලකරුවන් නීති ඉදිරියට රැගෙන විත් දඩුවම් ලබා දිය යුතු බව සඳහන් කළේය.

ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ ක්‍රියාමාර්ග හා ක්‍රියාමාර්ගවලට වග වීම පිළිබඳව විමසිය යුතු බවත් කිසිම පුද්ගලයෙක් කණ්ඩායමක් හෝ කිසිම රටක් කාන්තාවන් හා ළමයින් මරා දැමීම වැසියන් භූමියෙන් බලහත්කාරයෙන් නෙරපීම වැනි දේ නොකළ යුතු බවත් ඔහු කීය.

ඉරාන ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ පෙරේදා පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *