උත්සවශ්‍රීනයෙන් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කළේ පවුල් දාහත් දාස් පන්සීයක් අවතැන් කරමින් වූවත් මේ වනතුරුත් ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමට කිසිවෙකුත් පියවර ගෙන නැතැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර පැවසීය.
එම ව්‍යාපෘතිය හේතුවෙන් කෘෂිකාර්මික බිම් දහස් ගණනක් අහිමි වූ බවත් ජල මූලාශ්‍ර සිය ගණනක් සිදී ගොස් ඇති බවත් පෙන්වා දුන් හෙතෙම මේ තුළින් පවුල් දාහත් දහස් පන්සියයකට උන් හිටි තැන් අහිමි කළ බවට චෝදනා කළේය.

එම පිරිසට මේ වනතුරුත් සාධාරණයක් ඉෂ්ට නොවූ බවත් ඔවුන් සාධාරණයක් ඉල්ලමින් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වී ඇති නිසා අධිකරණය මගින් හෝ සාධාරණයක් ඉටුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් පසුවන බවත් ඔහු පැවසීය.

උමා ඔය යනු මෙරට අසාර්ථකම හා දුර්වල ව්‍යාපෘතිය යැයි ද ඔහු චෝදනා කළේය. මහින්ද රාජපක්ෂ සමයේ මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ මූලික ශක්‍යතා අධ්‍යයනයක් හෝ පරිසර ඇගැයීමක් හෝ නොමැතිව බවද සජීව චාමිකර සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *