චීනය කිසි දෙනෙක රටවල් යටත් කරගෙන සූරාකමින් අධිරාජ්‍යවාදී ලෙස කටයුතු කර නොමැති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ යටත් කර ගනු ඇතැයි සිතමින් චීනය පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ ඊයේ පැවසීය.

චීනයට විරුද්ධව මතයක් ගොඩනඟා ලෝක ආර්ථික බලවතුන් චීන බියක් ඇති කර තිබෙන බව පැවසූ හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකා ආණ්ඩුව එය නිවැරදි කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළ යුතු බව සදහන් කළේය.

ආසියාව ප්‍රගති සංසදය ” නව සේද මාවත මාවතේ වසර දහයක් – අත්දැකීම් සහ අපේක්ෂාව” යන මැයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ සංවිධානය කර තිබූ සංවාදශීලී සම්මන්ත්‍රණයක් වෙමින් හෙතෙම මේ බව කීය.

චීනය ශ්‍රී ලංකාවේ නියම මිතුරා වශයෙන් සැලකිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සඳහා චීනය සමඟ තව තවත් සබඳකම් ශක්තිමත් කරගත යුතු බව ප්‍රකාශ කළේය.

පුද්ගලයන් වශයෙන් ගනුදෙනු කරනවට වඩා සංවිධාන වශයෙන් හා රටක් වශයෙන් සබඳකම් පැවැත්වීම වඩා යෝග්‍ය බවත් මේ පිළිබඳව ජනමතයක් ගොඩ නැගීමටත් ව්‍යාපාරයක් ඇති කරගැනීමටත් ආණ්ඩුවේ සහ මාධ්‍යවේදීන් ගේ අවධානය යොමු විය යුතු බවත් හිටපු ඇමැති තිස්ස විතාරණ පැවසීය.

චීනය සමග ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමෙන් බොහෝ දේ ඉගෙන ගැනීමටත් ආගමික හා වෙළදාම යන ක්ෂේත්‍රවලින් ප්‍රයෝජන ගැනීමටත් අවස්ථා තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහාචාර්ය සමිත හෙට්ටිගේ, ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති හිටපු තානාපති ශානි කල්‍යාරත්න, විනෝජ් මුනසිංහ සංවාද සභාව මෙහෙය වූහ.

පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් වන වජිර අභයරත්න, හර්ෂ ද සිල්වා, අසංග නවරත්න, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *