මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රය විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමට ක්‍රියා කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2023 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඊයේ පැවැති අතර එම විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම විභාග කොමසාරිස් ජනරල් අමිත් ජයසාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දවස් 45ක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව ය.