විමර්ශන කටයුතු සඳහා ගොඩ ගනු ලැබූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මහතාගේ මෘත දේහය භූමදානය කිරීම සඳහාද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අණසක ලබා දුන්නේ ය.
ඒ අනුව ඔහුගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත සුසාන භූමියේ මිලදී ගෙන තිබෙන බිම් කඩක ඔහුගේ දේහය භූමදානය කිරීමට ද කිරීමටද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජිඳා ජයසූරිය මහත්මිය නියෝග කළාය.
ෂාෆ්ටර් මහතාගේ දේහය ආදාහනය කිරීමට නුසුදුසු බවට ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් කර තිබූ නිර්දේශ විමර්ශනය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එම නියෝගය ලබා දී තිබේ.