ගොවින් විසින් පවත්වාගෙන යනු ලැබූ බිත්තර වී ගොවිපොළ විශාල සංඛ්‍යාවක් අයහපත් කාලගුණයෙන් හානියට පත්වීම නිසා ඉදිරි මහ කන්නයේදී දැඩි බිත්තර වී ගිය ක ට මුහුණ දීමට සිදුවිය හැකි බවට දකුණු පළාතේ ගොවීහු පවසති.

දකුණු පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ගාල්ල මාතර හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ගොවීන් මෙම බිත්තර වී ගොවිපල පවත්වාගෙන යනු ලබන අතර නියං සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් බීජ ගොවිපල විශාල සංඛ්‍යාවක් හානියට පත්ව ඇත. මේ නිසා ඉදිරි මහකන්නයේදී ප්‍රමිතියෙන් හා ගුණාත්මක බීජ වී සපයා ගැනීමේදී ගොවීන් ගැටලු රැසකට ලක්විය හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

ගාල්ල දිස්ත්රික්කයේ ගොවීන් බීජ ගොවිපල එකසිය විස්සක් පමණ පවත්වාගෙන ගොස් තිබූ අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් ඉන් බීජ ගොවිපල හතළිහක් පමණ හානියකට පත් ව ඇති බව කෘෂිකර්ම නිලධාරීහු පවසති. අනෙක් බීජ ගොවිපල අස්වැන්න නෙළා ගෙන ඇතත් එම වී අස්වැන්න නෙළා ගැනීමට නොහැකි වීම නිසා බිහි වූ ගොවිපොළ කරන ගොවීන් ගැටලු රැසකට ලක්ව ඇත.

මෙම තත්ත්වය නිසා අදාළ ගොවීන්ගේ බීජ සාම්පල් යැවීමද ප්‍රමාද වී ඇත. මෙම තත්ත්වය තුළ ඉදිරි මහ කන්නයේදී බීජ වී බුසල් රුපියල් 4000ත් 4500ක් දක්වා ඉහළ යා හැකි බවට ප්‍රතිකර්ම නිලධාරීහු පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *