සෘජු හා සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට යෝජනා වී ඇත.
ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් මුදල් විධිමත් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට අදහස් කර තිබේ.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකා දෙකක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එහි සදහන් යෝජනා පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩල තීරණය කර ඇති බව දැන ගන්නට ඇත.
ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් මුදල් විධිමත් කිරීම සදහා වූ නීති සම්පාදනය කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර ඇති අතර මිශ්‍ර ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සදහා වන කැබිනට් පත්‍රිකාව අධිකරණ හා ව්‍යවස්ථා සම්පාදන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කර ඇත.
11 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ගෙන ඇති තීරණයකට අනුව අගමැති දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් කැදවා සාකච්ඡාවක් පැවැත්වීමට යන බව වාර්තා වේ.
එම සාකච්ඡා අනිද්දා පස්වරු තුනට පාර්ලිමේන්තුවේ අංක තුන කමිටු කාමරයේ දී පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය.