ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය මාරියා ගාර්සා මහත්මිය දින පහක සංචාරයක් සදහා හෙට ශ්‍රී ලංකාවට පැමිණේ. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති වරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ මෙරට ශාඛාවේ සභාපති නීතිඥ ශානිල් ප්‍රනාන්දු මහතා පැවසීය. ගාර්සා මහත්මිය එම මණ්ඩලයට පත්වූ පළමු සභාපතිනිය ද වන්නේය. මෙම මස 22 වැනිදා දක්වා මෙරට රැඳී සිටින ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, භාණ්ඩාගාර ලේකම් මහින්ද සියලු සිරිවර්ධන යන මහත්වරුන්ද පෞද්ගලික අංශයේ නිලධාරීන්ට හමුවීමට නියමිතය. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශාඛාවන් රටවල් 170 පිහිටා ඇත. එහි සාමාජිකයන් කෝටි 4.5 ක් සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *