ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමෙන් පසු දරුවන් තුළ පශ්චාත් විභාග ආතතියක් ඇති කිරීමට කටයුතු නොකරන ලෙසත් දක්නට සතුටින් විනෝදෙන් සිටීමට අවස්ථාව සලසා දෙන ලෙසත් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවත් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් රූබන් මහතා මෙසේද කීවේය. ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමෙන් පසු දරුවන් තුළ පශ්චාත් විභාග ආතතියක් ඇති කරන්න එපා. විභාගය අවසන් වූ ගමන් ප්‍රශ්න පත්‍ර ලියනවා, ලකුණු බලා අනෙකුත් දරුවන් සමඟ සංසන්දනය කරනවා. මේක ලිව්වෙ නැත්තෙ මොකද කියලා දක්වන්ට තර්ජනය කරනවා. බය කරනවා. මේ වගේ දේවල් නවත්වන්න. විභාගය අවසන් වූ පසු දක්නට සතුටින් ඉන්න අවස්ථා උදා කරලා දෙන්න. පසුගිය කාලයේදී නොකල සෙල්ලම් කරන එක, ඔහුව වහිනිය බලන එක දරුවන්ට කරන්න අවස්ථාව උදා කරලා දෙන්න. මවුපියන් මානසිකව වැටෙන්න එපා. දරුවන් මානසිකව වට්ටන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *