TNT නමැති අධි බැලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් යාපනය ගුරුනගර් ප්‍රදේශයේ දී නාවික හමුදා බාරයට ගෙන තිබේ. අද අලුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සුක්ෂම ලෙස සඟවා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ ජැටියේ ආසන්නයේ පිහිටි, කැලෑවක් තුල එම පුපුරනත් ද්‍රව්‍ය සඟවා තිබියදී නාවික හමුදාවට නිරීක්ෂණය වී තිබේ. නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට මෙම අධි බලැති පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සගවා තබන්නට ඇතැයි නාවික හමුදාව විශ්වාස කෙරේ.