කළුතර ශික්ෂණ රෝහලට අනුබද්ධ කළුතර ගල්ලස්ස ප්‍රදේශීය ඉදි වූ මාතෘ හා ළමා රෝහල සංකීර්ණය විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති උත්සවය එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් වර්ජනය කරනු ලැබූ බව වාර්තා වේ.

බාල ඖෂධ ගෙන්වීම, ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද සමනය කිරීමට අමාත්‍යවරයා කිසිදු මැදිහත්වීමක් නොකිරීම පිළිබඳව විරෝධය පළ කරමින් මෙසේ විශේෂත්වය වෛද්‍යවරුන් සියලු දෙනා ඇතුළු වෛද්‍යවරුන් රැසක් එම උත්සවය වර්ධනය කර ඇතැයි රෝහල් වෛද්‍ය ආරංචි මාර්ග මව්බිමට පැවසීය.

විශේෂඥ වෛද්යවරුන් ‍ සියලු දෙනා ද සාමාන්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙකු හැර අන් සියලුම දෙනා ද උත්සවයට නොපැමිණි බවද හෙතෙම කීය.

මේ සම්බන්ධව කළුතර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මධුභාෂිනී කරුණාරත්න ගෙන් කල විමසීමකදී ඇය කියා සිටියේ එවැනි අඩුවක් තමන්ට නම් නොදැනුණු බවය. කෙසේ වෙතත් එදින ඉරිදා දිනයක් වූ බැවින් වෛද්‍යවරුන්ගෙන් පිරිසක් නිවාඩු බවත් අනෙක් පිරිස ද වාට්ටුව රාජකාරි බැවින් උත්සවයට සහභාගී සහභාගි නො වී නො වූවා විය හැකි ද යැයි ද අධ්‍යක්ෂවරිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *