ඉදිරි කාලයේ දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සඳහා මේ වන විට සිදු කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වල බලපෑම සහාය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් තත්ත්වයන් තවදුරටත් සමාන තත්ත්වයට පත්වීම ව්‍යාපාර වල සහ අපේක්ෂකයන්ගේ අපේක්ෂාවන් වැඩිදියුණු වීම ආනයනය සීමා ලිහිල් කිරීම සහ සැපයුම් තත්ත්වයන් වැඩි දියුණු වීම යන සාධකවල බලපෑම ද ඉදිරියේදී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට සහාය වනු ඇතැයි අපේක්ෂා කරයි.

මේ අතර විදේශ ඉල්ලුම් තත්වයන්ගේ බලපෑම මෑත කාලීනව අපේක්ෂිත ආර්ථික සංවර්ධනයට බලපෑම් කළ හැකි බවද මහ බැංකුව පෙන්වා දෙයි.

මේ පසුබිම තුළ මේ වසරේ පළමු සහ දෙවන කාර්තු දෙකේදී ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළ ද මේ වසරේ අග භාගයේ දී ධනාත්මක ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයිද මහ බැංකුව විසින් පුරෝකථනය කර ඇත.

එසේම උද්ධමනය අඩු වීමේ ප්‍රවණතාව නැවත හැර වෙමින් නවතම පුරෝකථන මගින් පිළිබිඹු වන පරිදි උද්ධමනය මෑත කාලීනව 5% ක ඉලක්කගත අනුපාතය ස්ථාවර වනු ඇතැයිද මහ බැංකුව තවදුරටත් අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *