මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් සමඟ ඉන්දීය ධීවරයන් තිදෙනකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
ඊයේ සහ අද අළුයම් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ යාපනය ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් එම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.