තිරුප්පනේ හා මිහින්තලේ ආශ්‍රිතව ගැවසෙන අග්බෝ හස්තියාට යළිත් වරක් වෙඩි තබා ඇත.

වම් පස ඉදිරි පාදයට වෙඩි වැදී අසාධ්‍ය ව සිටියදී ඉකුත් ජූලි මාසයේ සිට වනජීවී පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා සුව වෙමින් සිටි අග්බෝට මින් දින හතරකට පමණ පෙර මෙසේ වෙඩි තබා ඇති බව අනුරාධපුර කලාපය පශු වෛද්‍ය චන්දන ජයසිංහ පැවසීය. එම හස්තියාට වනජීවී නිලධාරීන් ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායමක් 24 පැය පුරා ම නිරන්තරයෙන් ආරක්ෂාව සැපයුවද සුව වෙමින් සිටි හස්තියා සිය සුපුරුදු ජීවන රටාවට යළි අවතීරණ වීමත් සමග එම ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කොට ඇති බව ගම්වාසීහු පවසති. මින් දින හතරකට පමණ පෙර තිරුප්පනේ ප්‍රදේශයේ සැරිසරමින් සිටි හස්තියාට කිසියම් අයෙකු වෙඩි තබා ඇති අතර උගේ පසුපස ප්‍රදෙසේ වලිගයට පහළට වන්නට වෙඩි පහර තුනක් වැදී ඇති බවත් දක්නට ලැබුණේ යැයි ගම්වාසීහු පවසති. ආහාර සොයා ගම් වැදීම හේතුවෙන් මේ අයුරින් වෙඩි තබන්නට ඇතැයි සැක කෙරෙන බව ද ඔහු කියයි. වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සදහා මේ වන විට ප්‍රතිකාර කටයුතු ලබා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *