අනුලා රත්නායක මහත්මිය ඒ රටේ යුද්ධයෙන් මිය ගිය වීර වරියක් ලෙසයි ඔවුන් සලකන්නේ. තම රටේ වීරවරියක් ලෙස සලකා ගෞරවාදර දක්වා මෘත දේහයක් එව්ව පළමු කාන්තාව අනුලායි. ඇයට හිමිවිය යුතු වන්දි අපි ලබාදෙනවා යැයි කම්කරු ඇමති මනුෂ නානායක්කාර මහතා ඊයේ පැවසීය.

අනුලා රත්නායක මහත්මියගේ දේහයට ඊයේ ගෞරව දැක්වමින් පසුව මේ බව කීවේය.

වීසා නොමැතිව එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා දීමට තානාපතිතුමා මැදිහත්වීම නම් මම අනුමත කරන්නේ නැහැ. ඒ රටේ නීති විරෝධී අන්දමින් රැඳී සිටින අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන වෙනම ක්‍රමවේදයක් තිබෙනවා. අනුලා රත්නායක මහත්මියගේ අභාවය ගැන රජයේ ජනාධිපතිතුමාගේ ශෝකය ප්‍රකාශ කරනවා යැයි ද ඇමැතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *