ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට උමාරාට චෝදනා එල්ල වීමත් සමග අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යංශ ලේකම් අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක මහතාට දැනුම් දී ඇත.

ඒ අනුව ලේකම්වරයා විසින් විමර්ශනයක් සිදුකරන ලෙස අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට පෙරේදා (31දා) දැනුම් දී තිබුනු අතර උමාරා සිංහවංශ මහත්මියට අමාත්‍යාංශයට අද (02දා) පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් වරයෙකු විසින් මෙම විමර්ශනය සිදු කිරීමට නියමිත බවත් එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු කර ඇති ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

තනුව, ගායනය, පදමාලාව වැනි කරුණු ගැන නිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් සහය සහාය කර ගන්නා බවද ඔහු කීය.විමර්ශනයෙන් පසු අදාළ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දීමටත් ඉන්පසු නීතිපති උපදෙස් ලබා ගැනීමටත් අදහස් කරගෙන සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *