පාස්කු ඉරිදා කිතුණු දෙව් මැදුරු වලට ලබාදෙන දැඩි පොලිස් රැකවරණයට අමතරව රාජ්‍ය බුද්ධි අංශ සහ රහස් පොලිස් නිලධාරීන්ද සේවයට යොදවා ඇත.

මෙම ආරක්ෂාව ශ්‍රී ලංකාව පුරා සියලුම කිතුනු දෙව් මැදුරු වලට ලබාදෙනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය. මේ අතර නැගෙනහිර පළාතේ දෙව් මැදුරු වල ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද්ධ හමුදාවේ සහයෝගය ද ලබාගෙන ඇතැයි නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *