මේ දිනවල ඉතා ඉහළ ප්‍රතිලාභ ලැබෙන බව පවසමින් වගා යෝජන සඳහා ආයෝජනය කරන ලෙස ඉල්ලමින් ඇතැම් සමාගම් විසින් සිදු කරන ප්‍රවර්ධන කටයුතු ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

මේ ඇතැම් සමාගම් තම ප්‍රවර්ධන කටයුතුවලදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නාමය ද යොදාගන්නා බවට මහ බැංකුවට පැමිණිලි ලැබී ඇත.

එවැනි ආයතන විසින් තැන්පතු භාර ගැනීම ගැන සහ මහජනයාට වැරදි තොරතුරු සපයා ඔවුන් රැවටීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

මෙවැනි වගා ආයෝජන ප්‍රවර්ධනය කරන එක් සමාගමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විගණනය කරන බවටද සඳහන් කරන බවත් එහෙත් එය අසත්‍යයක් බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරංචි මාර්ග කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *