මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල සංශෝධනය සිදුවීමට නියමිතය. මෙවර මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

මිල සංශෝධනයට අනුව පසුගිය හතරවෙනිදා ඔක්ටේන 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් දහයකින් හා භූමි තෙල් ලීටර් එක මිල රුපියල් පහකින් අඩු කෙරිණි. ඔක්ටේන් අනූ දෙක පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිලෙහි සංශෝධනයක් සිදු වූයේ නැත.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම සහ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවීම යන කරුණු මත මෙවර මිල අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *