ශ්‍රී ලංකන් ගුවන් සේවය තම ගුවන් යානාවල අලුත් වැඩියා කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සිදු කිරීමේ අරමුණින් නඩත්තු සහ ඉංජිනේරු මෙහෙයුම් පද්ධති මෘදුකාංගය භාවිතා කිරීම ආරම්භ කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා පැවසීය.

මෙම නඩත්තු මෘදුකාංගය ජාත්‍යන්තර මට්ටමේදී ගුවන් සමාගම් විසින් භාවිතා කරනු ලබන බවත් ස්විස් ගුවන් සමාගම සමග අනුබද්ධ වී ශ්‍රී ලංකන් නව මෘදුකාංග ඇතුළත් කිරීම සිදුකළ බවක් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *