මධ්‍යම කදුකරය පුරා පවතින වියළි කාළගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම විශාල ලෙස අඩුවී ඇත.
වික්ටෝරියා ජලාශය මින් රන්දෙණිගල, රන්ටැබේ, විදුලි බලාගාර වලට ද ජලය සපයන අතරම කුඹුරු අක්කර දහස් ගණනක වගාවලට හා පානීය ජලය සදහා ද ජලය සපයනු ලැබේ. ජලාශයේ ජල මට්ටම අඩුවීම නිසා ප්‍රදේශයේ පවුල් දහස් ගණනක් උග්‍ර පානීය ජල හිඟයකට ද මුහුණ දී ඇත.
වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී ජලාශයට යට ව තිබූ පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන් ද ජලාශය සිදී යාම හේතුවෙන් මතු වී පෙනෙන්නට පටන්ගෙන ඇත.
හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්