ලිට්රෝ ගෑස් මිල සූත්‍රයට අනුව අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ යනු ඇතැයි ලිට්රෝ ගෑස් ලිට්රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ලෝක වෙළෙඳ පොළේ ගැස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 78 සිට 85 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ද මිල සූත්‍රයට ඇතුළත් කර නව මිල ගණනය කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරියෙක් පැවැති පැවැසී ය.

නව මිල සංශෝධනය ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා විසින් අද (04) ප්‍රකාශයට පත් කරනු ඇත. ඉකුත් ජූලි මස සිදු කෙරුණු මිල ගෑස් සිලින්ඩරයකමිල රුපියල් 204 කින් අඩු කරනු ලැබීය. ලිට්‍රෝ 12.5 ක ගෘහස්ථ ගෑස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙදහස් නවසිය අසූ දෙකක් ලෙස දැනට පවතී.

යොහාන් භාසු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *