ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක හා එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි වරදකරු කරමින් එරට අධිකරණයක් විසින් ලබාදී තිබූ තීන්දුවක් අත්හිටුවමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) තීන්දුවක් නිකුත් කොට ඇත.

එකී තීන්දු අනුව රාහුල් ගාන්ධිට නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හා එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස කටයුතු කිරීමේ අවස්ථාව මෙන්ම, ලබන වසරේ පැවැත්වෙන එරට පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාවද හිමි වේ.

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ රාහුල් ගාන්ධිට එරට මහාධිකරණයක් මගින් වසර දෙකක සිර දඬුවම් නියම කොට තිබූ අතර එකී තීන්දුව අනුව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හා ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වීමේ අවස්ථාව ඔහුට හිමි වී තිබිණි.

ඒ. ජේ. ඒ . අබේනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *