උසස් පෙළෙන් පසු උසස් අධ්‍යාපනය සදහා සුදුසුකම් ලබන තරුණ තරුණියන්ගෙන් ගෙන් සියයට විස්සකට පමණ ප්‍රමාණයකට පමණක් විශ්ව විද්‍යාලයට යාමේ වරම් ලැබෙන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මීගමුව බෝලවලාන පැවති උත්සවයක දී ප්‍රකාශ කළේය.

    කාදිනල්තුමා එස තුමා එසේ ප්‍රකාශ කළේ බෝලවලාන ශුද්ධෝත්තම සොළොස් වැනි බෙනඩික් පිය උසස් අධ්‍යාපන ආයතනය නව ගොඩනැගිල්ල ආසිරි ගන්වා විවෘත කිරීමේ උත්සවය අමතමිනි.

    මෙම තත්ත්වය මත මේ රටේ තරුණ තරුණියන් ගෙන් සියයට අසූවකට පමණ පිරිසකට විශ්ව විද්‍යාලයට යාමේ අවස්ථාව ගිලිහී ඇති බව ද කාදිනල්තුමා කීවේය.

    මේ අනුව රටේ අධ්‍යාපනයේ ප්‍රගතිය සහ සංවර්ධනය තකා යම් භූමිකාවක් ඉටුවිය යුතු බව පිලිගනිමු යැයිද කාදිනල්තුමා සඳහන් කළේය.
    මේ රටේ සෑම දරු දැරියකට ම අධ්‍යාපනය ලැබීමේ අයිතිය කතෝලික සභාව තහවුරු කරගෙන තිබෙන බවද කාදිනල් තුමාකීවේය.

    නෝමන් පලිහවඩන

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *