ජනතාවගේ ගැටලු විසඳාගැනීමට නොමිලේ නීති උපදෙස් ලබා දීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සූදානමින් සිටින බව සංගමයේ සභාපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා ඊයේ සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය දිවයින පුරා සංවිධානය කරන 2023 ජාතික නීති සතියට සමගාමීව නොමිලේ නීති උපදෙස් ලබා දීම සදහා ලබා දීම සඳහා කටයුතු කරන බවත් නීතිඥ සංගමය දුරකථන අංක ඇමතීමෙන් ප්‍රශ්න යොමු කළ හැකි බවත් පැවසීය.

දුරකථන අංක 0113133864, 0113133872 ඇමතීමෙන් හෝ ලිඛිතව නීතිඥ සංගමයේ ලිපිනයට ප්‍රශ්න යොමු කළ හැකි බවත්, සැප්තැම්බර් 27 28 දෙදින හි කොළඹ දී අදාල ප්‍රශ්න වලට පිළිතුරු දෙන බවත්, සෙසු පළාත් හා දිස්ත්‍රික්ක වල ප්‍රශ්න ඒ ඒ මධ්‍යස්ථාන වලට කරන බවත් සදහන් කළේය.

සැප්තැම්බර් 25 හා ඔක්තොබර් පළවෙනි දින අතර කාලයේ දී නීති සතිය දිවයින පුරා පැවැත්වෙන බවත් කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණ භූමියේ දී ජාතික නීති සතිය සංවිධානය කර ඇති බවත් සදහන් කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ඉසුරු බාලපටබැඳි, ජාතික නීති සතියේ සභාපති ජනාධිපති නීතිඥ යු. ආර්. ද සිල්වා මහත්වරුන් ඇතුළු පිරිසක් නීති සතිය ගැන මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට සහභාගි වූහ.

රොෂාන් තුෂාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *