ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය මුදලේ පළමු සමාලෝචනය සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතය. ඒ අනුව නියෝජිතයන් කණ්ඩායම සැප්තැම්බර් 17 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව මුදල් අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් පත් කිරීමේ වැඩපිළිවෙළට සහාය ලබා දෙමින් ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය හිමි වූ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසු ශ්‍රී ලංකා ආර්ථික ප්‍රතිපත්ති වලට සහය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළක් සදහා අමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකමක් ලබාදීමට තීරණය කෙරිණි. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමකට 2022 වසරේ සැප්තැම්බර් මස පළවෙනිදා එළඹුණු අතර, එම ණය පහසුකම සදහා අනුමැතිය හිමි වීමෙන් අනතුරුව එහි පළමු වාරිකය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 330ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබුණි.

මහින්ද අලුත්ගෙදර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *