ඉකුත් සිකුරාදා (25) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු වෙත නිකුත් කළ නව චක්‍රලේඛයට අනුව බැංකු වල ණය පොලී අනුපාතය තවදුරටත් අඩු වනු ඇතැයි මහ බැංකුව පවසයි.
එම චක්‍රලේඛය මගින් වාණිජ බැංකුවලට උපරිම ණය පොලී අනුපාතය සීමා පැනවීමට මහ බැංකුව පියවර ගත් අතර මේ අනුව බැංකු ණය පොලී අනුපාතය අඩු වීම වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වත්මන් මුදල් ප්‍රතිපත්තියට අනුකූල නොවන ලෙස ඇතැම් බැංකු ණය පොලී අනුපාතික අධික ලෙස ඉහළ මට්ටමක පවතින බව මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිරීක්ෂණය කර ඇත.
මේ අනුව මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛය මගින් බැංකුවල උකස් ණය වාර්ෂික පොළී අනුපාතය සියයට 18 ක්ද පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත අය කළ හැකි පොලිය සියයට විසි තුනක් ලෙස සහ ක්‍රෙඩිට් කාඩ් මත අය කළ හැකි වාර්ෂික පොලී අනුපාතය සියයට 28 ක් ද වශයෙන්ද වාර්ෂික පොලී අනුපාතික සීමා පැනවීමට මහ බැංකුව කටයුතු කළේය. එසේම බැංකුවල දඩ පොලී අනුපාතික අදාල ණය පහසුකම සඳහා අය කරන සාමාන්‍ය පොලී අනුපාතිකය ට වඩා සියයට 2 ක උපරිමයක් විය යුතු බවටද මහ බැංකුව නියම කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත