ගබඩා පහසුකම් නොමැති වීම නිසා ආනයනය කළ ඖෂධ හා ශල්‍යකර්ම උපකරණ අඩංගු කන්ටේනර හතළිස් එකක් අනාරක්ෂිත තත්ත්වයෙන් කැලණිය ප්‍රදේශයේ ගබඩා කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කළේ වෛද්‍ය සැපයුම් අංශයට ප්‍රමාණවත් කබඩ් පහසුකම් නොමැති වීම මීට හේතුව බවයි.

මෙම ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කළ ඖෂධ වෙයි. ගබඩා පහසුකම් නොමැති වීම නිසා අනාරක්ෂිත ව ගබඩා කර තිබීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක ගෙන් විමසූ විට ඔහු පැවසූයේ එම ඖෂධ ආරක්ෂිතව ගබඩා කර ඇති බවයි. ” අනාරක්ෂිතව ඖෂධ ගබඩා කරන්නේ නැහැ. නමුත් වෛද්‍ය සැපයුම් අංශයට ලබා දෙන ඖෂධ ගබඩා කිරීමට ප්‍රමාණවත් ගබඩා පහසුකම් නැහැ. කැළණිය ප්‍රදේශයේ ප්‍රවාහන සැපයුම් කරුවකුට වරායේ සිට ඖෂධ ප්‍රවාහනයට අවසර ලබාදී තිබෙනවා. ඔහු සතුව ඇති ආරක්ෂිත ගබඩාවල තමයි ඖෂධ ගබඩා කර තිබෙන්නේ. නමුත් වෛද්‍ය සැපයුම් අංශය ස්ථිර ගබඩා පහසුකම් සෙවීම සදහා සදහා උත්සාහයක නිරත වෙනවා” සාමාන්‍ධිකරණවරයා අවධාරණය කළේය.

උදයජීව ඒකනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *