දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයක් ඉදිරි දින කිහිපයේදී ද බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය පැවසුවාය.

දැනට පවතින සාධක අනුව ලබන මස 1, 2,3 දිනවල පවතින වැසි තත්වෙ වැඩි වීමක් බලාපොරොත්තු වන බවද ඇය සදහන් කළාය.

අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයබ පලාත් වල ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි 75 ට වැඩි වැසි ඇතිවිය හැක.

නැගෙනහිර සහ ඌව පළාත් වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ තැනින් තැන, සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද දහවල් 12.11ට තලේමන්නාරම, ඉරම්යන්කුලම්, කරපුකුට්ටි, පලම්පායි ප්‍රදේශ වලට හිරු මුදුන පවතී.

උපාලි කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *