අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වල ආරක්ෂාව සඳහා සවිකර ඇති සීනු හා විදුලි පද්ධති සවිකර වසරක් ගත වීමට පෙර ඉන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් අක්‍රිය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
ඒ අනුවම අනුව මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරනු ලැබූ රුපියල් මිලියන 500කට ආසන්න මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බව ද ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වල ආරක්ෂාව සදහා සීනු හා විදුලි පද්ධති දෙසීයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම සීනු හා විදුලි පද්ධති සවිකර තිබිණි. එම සියලු හා විදුලි පද්ධති සවිකර වසරක් ගත වීමටත් පෙර මත්තෙන් පහල මාර්ගයේ සවිකළ සීනු හා විදුලි පද්ධති 142 න් 60ක්, පුත්තලම මාර්ගයේ සවිකර සීනු පද්ධතිය හා විදුලි පද්ධති 46න් 34ක්, ඇතුළු සමස්ත සීනු හා විදුලි පද්ධති 94ක් ක්‍රියාවිරහිතව පැවතුන බව විගණනය මගින් අනාවරණය කර ඇත.
ලලිත් චාමින්ද