ලබන සැප්තැම්බර් මාසය ඉන්දියාවේ පැවැත්වෙන ජී-20 කණ්ඩායමේ රාජ්‍ය නායක සමුළුවට තමා සහභාගී නොවන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි වෙත දැනුම් දී තිබේ. ඉන්දීය අගමැතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඇති රුසියානු ජනාධිපති පුටින් තමා සමුළුවට සහභාගී නොවන බවත් රුසියාව නියෝජනය කරමින් විදේශ කටයුතු ඇමති සර්ගේ ලැව් රෝව් සහභාගි වනු ඇතැයි පවසා තිබේ. සිය කාර්ය බහුලතාවය හේතුවෙන් රුසියානු ජනාදිපතිවරයා මෙවර ජී – 20 සමුළුවට සහභාගී නොවන බව රුසියාව විසින් ඉකුත් සතියේදී නිකුත් කර තිබිණි.

මෙවර ජී-20 කණ්ඩායමේ රාජ්‍ය නායක සමුළුව ලබන සැප්තැම්බර් 9-10 ගේ දිනේ ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි නගරයේ දී පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවේදී සමුළුවේ දී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම් සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා වනු ඇති බවට මත පළවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *